එංගලන්තය ලබන සතියේ සිට වැඩ අරඹයි

Date:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ලබන සතියේ සිට සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තනි පුද්ගල දක්ෂතා පදනම් කර ගත් පුහුණුවීම් සදහා ලබන සතියේ සිට ක්‍රීඩකයින් යොමු කරන බවයි.

රට පුරා ඇති ස්ථාන කිහිපයකදී මෙම පුහුණුවීම් කටයුතු ආරම්භ කෙරෙන අතර, ඒ සදහා එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ආරක්ෂිත සහ සමාජ දුර්ස්ථභාවය සහිත ක්‍රමවේදයක් අනුගමනය කරනු ඇති.

ඒ, ක්‍රීඩා කටයුතු ඇරඹීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජය ඉදිරිපත් කර ඇති ක්‍රමවේදයන්ට යටත්වයි.

පසුගිය මාර්තු 12 වනදා ශ්‍රී ලංකා තරග සංචාරය අතරමග නතර කිරීමෙන් පසුව එංගලන්ත ක්‍රීඩකයින් මෙතෙක් කිසිදු ක්‍රීඩා කටයුත්තක නිරත වී නැහැ.

ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම් සුදුසු තත්ත්වයකට පැමිණීමෙන් අනතුරුව තවත් සති දෙකකින් පමණ සාමාන්‍ය පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ලබන සතියේ සිට මූලික වටයේ පුහුණු කටයුතු සදහා යොදා ගන්නා ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු ප්‍රකාශයට පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...