සෞඛ්‍ය උපදෙස් කඩකළ ආචර් කණ්ඩායමෙන් ඉවත් කෙරේ – දින 5ක් නීරෝධායනයට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද(16) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

අද තරගය සදහා ඊයේ(15) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණු එංගලන්ත සංචිතයට ජොෆ්ර ආචර්ව ඇතුළත්ව තිබුණා.

කෙසේ වෙතත්, ඔහුව මෙම තරගයෙන් ඉවත් කළ බවට අද දිනයේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළ ද, ඔහු විසින් සිදු කර ඇති වරද කුමක්ද යන්න මෙතෙක් අණාවරණය කර නැහැ.

ජොෆ්ර ආචර් මේ වන විට අදාළ සිදු වීම සම්බන්ධයෙන් සිය කණගාටුවද ප්‍රකාශ කර තිබෙනවා.

ඔහුව මේ වන විට දින පහක් ස්වයං නීරෝධායනයට ද ලක් කර ඇති අතර, යළි කණ්ඩායම හා එක් වීමට නම් ඔහුට කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීමට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...