රූට් එයි – ඩෙන්ලිට සංචිතයේ ස්ථානයත් අහිමි වෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට(16) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය අද(15) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නායක ජෝ රූට් මෙම සංචිතයට එක් කර ඇති අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා මුල් පෙල පිතිකරු ජෝ ඩෙන්ලි නම් කර නැහැ.

එමෙන්ම වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ජේම්ස් ඇන්ඩර්සන් සහ මාර්ක් වුඩ් මෙම තරගයෙන් විවේක ගන්වා ඇති බව සදහන්.

තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සහ මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නොමැති වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් දෙවැනි ටෙස්ට් තරගය සදහා නම් කර තිබෙනවා.

එංගලන්තය කඩුලු 4ක පරාජයක් ලැබූ පළමු තරගය සදහා ක්‍රීඩා නොකළ ස්ටුවට් බ්‍රෝඩ් මෙම තරගය සදහා ක්‍රීඩා කිරීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(16) මෙරට වේලාවෙන් පස්වරු 3.30ට මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for second Test :

Joe Root (c) , Jofra Archer , Dominic Bess , Stuart Broad , Rory Burns, Jos Buttler , Zak Crawley , Sam Curran , Ollie Pope , Ollie Robinson , Dom Sibley , Ben Stokes , Chris Woakes .

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...