සුපිරි පිතිකරුවා ඉවත් කරමින් ලෝක කුසලානයට බංග්ලාදේශ සංචිතය නිවේදනය කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ශකිබ් අල් හසාන් ලෝක කුසලාන තරගාවලියේ දී ද කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ නජ්මුල් හොසේන් ශන්ටෝ.

කෙසේ වෙතත්, මෙම සංචිතය සදහා අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන හිටපු නායක තමිම් ඉක්බාල් නම් කර නොතිබීම විශේෂත්වයක්.

ඔහු මීට මාස කිහිපයකට පෙර එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගැනීමට තීරණය කළ නමුත්, පසුව ඔහු එම තීරණය වෙනස් කරමින් යළි ක්‍රිකට් පිටියට පිවිසුණා.

ආබාධයක් හේතුවෙන් ඔහුට නිමා වූ ආසියානු කුසලාන තරගාවලිය ද අහිමි වූ අතර, ඒ අනුව එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් වීමට ඔහු පියවර ගත්තා.

මේ වන විට ඔහු තවදුරටත් පිට කොන්ද ආශ්‍රිත සුළු ආබාධ තත්ත්වයකින් පසු වන බැවින් ඔහුව ලෝක කුසලානයට නම් කර නොමැති බව සදහන්.

ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක එබඩොට් හොසේන් ද සංචිතයට නම් කර නැහැ.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරගාවලිය යටතේ බංග්ලදේශය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Bangladesh World Cup squad:

Shakib Al Hasan (Captain), Litton Kumer Das, Tanzid Hasan Tamim, Najmul Hossain Shanto (Vice Captain), Tawhid Hridoy, Mushfiqur Rahim, Mahmudullah Riyad, Mehidy Hasan Miraz, Nasum Ahmed, Shak Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud, Shoriful Islam, Tanzim Hasan Sakib

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...