මැතිව් වේඩ්ට තරග දෙකක තහනමක්

Date:

තස්මේනියා කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ට තරග දෙකක තහනමක් පනවා තිබෙනවා.

ඒ, ක්‍රීඩක විනය නීති සංග්‍රහය මාස 18 ක කාලයක් තුළ තෙවැනි වරටත් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

Marsh Cup තරගාවලිය යටතේ වික්ටෝරියා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හි පැවැති තරගයේ දී යි ඔහු තෙවැනි වරටත් ක්‍රීඩක විනය නීති සංග්‍රහය මෙලෙස උල්ලංඝනය කළේ.

ඒ අනුව ඔහුට එරෙහිව ස්වයංක්‍රීයවම තරග දෙකක තහනමක් පැනවෙනවා.

අදාළ තරගයේ දී පිතිකරණයේ නිරතව සිටියදී මැතිව් වේඩ් විසින් නිලකුණු පන්දුවක් හමුවේ කණස්සල්ලට පත් වෙමින් ආවේගශීලී අයුරින් සිය පිත්තෙන් තණතීරුවට දැඩි පහරක් එල්ල කළා.

එය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.5 වගන්තිය උල්ලංඝනය කිරීමක් වනවා.

තමාට එරෙහිව එල්ල වූ චෝදනා මැතිව් වේඩ් විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුට Marsh Cup තරගාවලිය යටතේ තස්මේනියා කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරග දෙක ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...