සිව්දෙනෙකු ලකුණු බින්දුවට දැවී යයි – ඉන්දියාව 34/6

Date:

ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.  දිවා ආහාරය සදහා තරගය නතර කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටින ඉන්දියාව කඩුලු 6 ක් දැවී ලකුණු 34 ක් ලබා අසීරු තත්ත්වයක රැදී සිටියා.

ආරම්භක පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා ලකුණු දෙකකටත්, යශස්වි ජයිස්වාල් ලකුණු 13 කටත් දැවී ගියා. දැවී ගිය සෙසු පිතිකරුවන් හතර දෙනා වූ විරාත් කෝලි, සර්ෆරාස් ඛාන්, කේ එල් රාහුල් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු ලබා ගැනීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී විලියම් ඕරෝක් කඩුලු 3 ක් ද, මැට් හෙන්රි කඩුලු දෙකක් ද, ටිම් සවුති එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

බැංගලූරුහී දී පැවැත්වෙන තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඊයේ සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...