ක්ලාසන්ට කෝටි 80 ක් – සන්රයිසස් හයිදරබාද් රදවා ගන්නා ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

2025 ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලිය වෙනුවෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් 5 දෙනෙකු සිය සංචිතයේ රදවා ගැනීමට මේ වන විට තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ හෙන්රික් ක්ලාසන්, ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්, ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සිය සංචිතයේ රදවා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වය එකගතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් හා ඉන්දියාවේ නිටිෂ් කුමාර් රෙදී ද සංචිතයේ රදවා ගැනීමට සන්රයිසස් කණ්ඩායම සූදානමින් සිටින බව සදහන්.

පසුගිය වසරේ දී ක්ලාසන්ට ඉන්දීය රුපියල් කෝටි 5.25 ක මිලක් හිමි වූ නමුත්, ඉදිරි තරග වාරය සදහා ඔහු සමග ගිවිසුම්ගත වීමට සූදානම්ව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 23 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් පමණ) මිලකට බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

පසුගිය තරගාවලියේ දී කණ්ඩායමේ නායකත්වය දැරූ පැට් කමින්ස්ට මෙවර හිමි වන මුදල ඉන්දීය රුපියල් කෝටි 18 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 62 ක් පමණ). පසුගිය වසරේ දී ඔහුට ඉන්දීය රුපියල් කෝටි 20.5 ක් හිමි වුණා.

අභිෂේක් ෂර්මා පසුගිය තරග වාරයට ඉන්දීය රුපියල් කෝටි 6.5 මිලක් යටතේ ක්‍රීඩා කළ නමුත්, 2025 තරගාවලියට ඔහු සංචිතයේ රදවා ගැනීමට නියමිතව ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 14 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 48 ක් පමණ) මුදලකට බව සදහන්.

අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට පෙර ක්‍රීඩකයින් 6 දෙනෙකු රදවා ගැනීමට එක් කණ්ඩායමකට අවසර හිමි වනවා. සන්රයිසස් කණ්ඩායම මෙම ක්‍රීඩකයින් 5 දෙනා පමණක් සංචිතයේ රදවා ගතහොත් ඔවුන්ට ඉතිරි ක්‍රීඩකයා වෙන්දේසියේ දී RTM (Right to Match) අවස්ථාවක් යොදා ගනිමින් සංචිතයට මිලදී ගත හැකියි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයෙකු ද රදවා ගැනීමට සිදු වන බැවින් එම RTM අවස්ථාව ඔවුන්ට යොදා ගැනීමට සිදු වන්නේ ජාත්‍යන්තර වරම් දිනා නොමැති ඉන්දීය ක්‍රීඩකයෙකු සංචිතයට මිලදී ගැනීම සදහා පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...