Watch : සියල්ලන් මවිත කළ ගුර්බාස්ගේ අලංකාර හෙලිකොප්ටර් පහර

Date:

රහ්මනුල්ලා ගුර්බාස් යනු ඇෆ්ඝනිස්තානයෙන් බිහිවූ අති දක්ෂ යොවුන් පිතිකරුවෙක්. වර්ථමානයේ ලොව බොහෝ ලීග් තරගාවලියන්ට නැතුවම බැරි පිතිකරුවකු බවට ඔහු පත්ව තිබෙනවා.

නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් අදියර දෙකම නියෝජනය කළ ගුර්බාස් එහිදී විශිෂ්ඨ දස්කම් ප්‍රදර්ශනය කල අයුරු ඔබට මතක ඇති.

මේ වන විට පාකිස්තානයේ පැවැත්වෙන PSL හෙවත් පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ දී ද ශඩාබ් ඛාන් නායකත්වය දරන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කරමින් ගුර්බාස් දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටිනවා.

එහිදී ඔහු ඉස්ලාමාබාද් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ප්‍රථම තරගයේදී හයේ පහරවල් 2 ක් සහ එක් හතරේ පහරක් සමගින් පන්දු 16 කදී නොදැවී ලකුණු 27 ක සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කිරීමට ද සමත්වුණා.

මෙම ඉනිමේදී පෙෂාවර් සල්මි කණ්ඩායමේ සොහයිල් කාන් යොමු කළ පන්දුවකට ගුර්බාස් එල්ල කළ හෙලිකොප්ටර් පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීම විශේෂත්වයක්.

විස්තර විචාරකයින්ගේ පවා ඉහළ පැසසුමට ලක්වන පරිදි ඉතාමත් අලංකාර අන්දමින් මෙම පහර ඔහුගේ පිත්තෙන් වාර්තා වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...