ඇෆ්ඝනිස්තානයේ හදවත් අවසන් මොහොතේ බිද දමමින් එංගලන්තය අවසන් මහා තරගයට

Date:

1998 වර්ෂයේ පැවති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ප්‍රථම වරට යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත යොවුන් කණ්ඩායම මෙරට වේලාවෙන් අද (02) අලුයම සමත්වුණා.

ඒ, මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමට ලකුණු 15 ක තියුණු පරාජයක් අත්කර දෙමින්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඇන්ටීගා හී ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

එංගලන්ත කණ්ඩායම සිය ඉනිම ගොඩ නගමින් සිටින අතරවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමටයි පියවර ගැණුනේ.

ඒ අනුව නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 6 ක් බිඳ වැටී එංගලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

ඒ, ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 136 දී බිද වැටුණු පසුබිමකයි.

ආරම්භ පිතිකරු ජෝර්ජ් තෝමස් ලකුණු 50(69) ක් රැස්කළා.

ජෝර්ජ් බෙල් නොදැවී ලකුණු 56(67) ක් ද ඇලෙක්ස් හොර්ටන් නොදැවී ලකුණු 53(36) ක් ද රැස්කරමින් එංගලන්ත ඉනිම ලකුණු 231ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී නවීඩ් සඩ්රාන් සහ නූර් අහ්මඩ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. Nangeyalia Kharote හා Izharulhaq Naveed එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 231 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමට නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 215 ක් පමණයි.

අල්ලාහ් නූර් ලකුණු 60(87) ක් රැස්කළා. මොහොමඩ් ඊෂක් ලකුණු 43(65) යි. බිලාල් අහ්මඩ් ලකුණු 33(34) ක් සහ නූර් අහ්මඩ් ලකුණු 25(20) ක් ලබා ගත්තා. අබ්දුල් හාඩී නොදැවී ලකුණු 37(60) කට දැවී ගියා.

අවසන් පන්දු 12 තුළ දී ඇෆ්ඝනිස්තානයට තරගය ජය ගැනීම සදහා කඩුලු 4ක් අතැතිව ලකුණු 19ක් ලබා ගැනීමට අවශ්‍ය වුණා. කෙසේ වෙතත්, ඔවුන්ට එම පන්දුවාර දෙක තුළ දී කඩුලු 3ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 3ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරයට පෙර පන්දුවාරය (46 වන පන්දුවාරය) යොමු කළ රෙහාන් අහ්මඩ් ඇෆ්ඝනිස්තාන පිලේ කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වීම එංගලන්ත ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් බවට පත් වුණා.

මෙම තරගයේ දී රෙහාන් අහ්මඩ් පන්දුවාර 6 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 41 කට බිද හෙලූ කඩුලු ගණන 4 ක්.

තෝමස් ඇස්පින්වෝල් කඩුලු 2 ක් බිඳ හෙලද්දී ජොශුවා බොයිඩන් සහ ටොම් ප්‍රෙස්ට් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ජෝර්ජ් බෙල්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...