සිම්බාබ්වේ පිල දිවයිනට – ප්‍රවේශ පත්‍ර කවුළුත් අද සිට විවෘතයි

Date:

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ (3) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතය ක්‍රෙයිග් අර්වින් විසින් ද, ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් 20යි 20 සංචිතය සිකන්ඩ රාසා විසින් ද මෙහෙයවීමට නියමිතයි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය ජනවාරි 6, 8 හා 11 යන දිනවලදී ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14, 16 හා 18 යන දිනවලදී ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු අද (4) සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි. ප්‍රවේශ පත්‍ර කවුළු පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතව තැබීමට නියමිතයි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට 5,000 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියට අදාළ ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ ද මිලදී ගත හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...