සිම්බාබ්වේ දේශීය ක්‍රිකට් තරග වාරය අවලංගු කෙරේ

Date:

මෙවර දේශීය තරග වාරය අවලංගු කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන්.

බොහෝ රටවල් මේ වන විට දේශීය ක්‍රිකට් තරග වාරය අවසන් කර ගැනීමට නොහැකි වී ඊට විවිධ පිළියම් සොයමින් සිටිනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය මෙවර දේශීය තරග වාරය අවලංගු කිරීම විශේෂත්වයක්.

මාර්තු 30 වනදා සිට සිම්බාබ්වේ දේශය වසා දැමීමේ (lockdown) ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින අතර, එරට තුළ ක්‍රිකට් තරග පැවැත්වීම මාර්තු 18 වනදා සිට අත්හිටුවා තිබෙනවා.

ඒ වන විට දේශීය තරගාවලි කිහිපයක් ආරම්භ වී තිබූ නමුත්, ඒවා අවසන් කර ගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයට හැකි වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...