ස්ටෝක්ස්ගේ දුර්ලභ හා විශ්මිත උත්සාහයට විචාරකයන්ගෙනුත් පැසසුම්

Date:

එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය පසුගියදා අවසන් වු‍ණේ ලකුණු 113 ක විශිෂ්ඨ ජයක් එංගලන්තට හිමි කර දෙමින්.

තරගය පුරාම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර ඔහු පිත්තෙන් ලකුණු 254 ක් හා පන්දුවෙන් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.

එම දක්ෂතා අතරතුර තරගයේ පස්වන දිනයේ සිදුවූ විරල සිදුවීමක් පිළිබද මේ වන විටත් බොහෝ පාර්ශවවල වැඩි කතා බහක් ඇතිව තිබෙනවා.

බෙන් ස්ටෝක්ස් විසින් එංගලන්ත දෙවන ඉනිමේ 43 වන පන්දුවාරය ආරම්භ කරමින් කොදෙව් පිතිකරු ජර්මෙයින් බ්ලැක්වුඩ් වෙත පන්දුවක් යොමු කරනවා.

එම පන්දුව මිඩ්-ඕෆ් කලාපයට යොමු කරමින් පහරක් එල්ල කිරීමට ජර්මෙයින් බ්ලැක්වුඩ් සමත් වුණා.

කෙසේ වෙතත්, මිඩ්-ඕෆ් හෝ ලෝන්ග් ඕෆ් කලාපයේ පන්දු රකින්නෙකු එම අවස්ථාවේ ස්ථානගත කර තිබුණේ නැහැ.

ඒ බව එක් ක්ෂණයකින් වටහා ගත් බෙන් ස්ටෝක්ස් පන්දුව යැවීමෙන් අනතුරුව ආපසු හැරී පන්දුව නැවතීම සදහා වේගයෙන් දිව යාම කාගේත් දැඩි අවධානයට යොමු වුණා.

පන්දුව වේගයෙන් හතරේ සීමාව දෙසට ඇදී ගියත් ස්ටෝක්ස් සිය උත්සාහය අතහැරියේ නැහැ.

ඉතාමත් පැසසුම්සහගත උත්සහයක ඔහු නිරත වුවද, අවාසනාවන්ත ලෙස අවසන් මොහොතේ දී පන්දුව හතරේ සීමාව ස්පර්ශ කරනවා.

ඒ වනවිටත් පන්දුවාර 7ක් ස්ටෝක්ස් විසින් විවේකයක් ගැනීමකින් තොරව යොමුකර තිබුණා.

ස්ටෝක්ස්ගේ මෙම උත්සහාය සම්බන්ධයෙන් ඔහුව පැසසුමට ලක් කිරීමට ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද කටයුතු කළ අතර, මේ වන විටත් මෙම සිදුවීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

වීඩියෝ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...