ඕසී පන්දු යවන්නන් අසරණ කරමින් කුලසේකරගෙන් සටන්කාමී ඉනිමක්

Date:

ශ්‍රී ලංකාව, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර, ඕස්ට්‍රේලියාවේදී 2012 වසරේ දී තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් පැවැති බව ඔබට මතක ඇති.

තරගාවලියේ අවසන් තරග වටය තරග 3කින් සමන්විත වූ අතර, ඒ සදහා සුදුසුකම් ලබා ගත්තේ තරගාවලිය පුරා සුවිශේෂී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවයි.

ඒ අනුව පළමු අවසන් තරගය බ්‍රිස්බේන් පිටියේදී පැවත්වුණ අතර, එම තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියා තීරණය කරනවා.

පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 50 තුල කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබා ගන්නා අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 322ක දැවැන්ත ඉලක්කයක් හිමිවනවා.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 157 කදී ලකුණු 163 ක් රැස්කරගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ධම්මික ප්‍රසාද් කඩුලු 2 ක් බිඳ හෙලද්දී, මාලිංග, කුලසේකර, මහරුෆ් හා හේරත් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 322 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු හය ලකුණු 144ක් තුළ බිඳ වැටෙනවා.

අනතුරුව හයවැනි කඩුල්ලට නුවන් කුලසේකර පිවිසෙන විටත් ජයග්‍රහණයේ බලාපොරොත්තු ශ්‍රී ලංකාව දෙසින් ගිලිහෙමින් පැවතියා.

කෙසේ වෙතත්, අනෙක් අන්තයේ රැදී සිටි උපුල් තරංග සමග අපූරූ සබදතාවක් ගොඩනැගූ නුවන් කුලසේකර කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරීදී අලංකාර හතරේ පහරවල් 7 ක් හා හයේ පහර තුනක් සමගින් පන්දු 43 කදී ලකුණු 73 ක් රැස්කිරීමට සමත්වනවා.

ඩේවිඩ් හසීගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 248ක් ලෙසයි.

අනතුරුව උපුල් තරංග ලකුණු 60 කට දැවී ගිය අතර, පන්දුවාර 49.2 ක් අවසානයේ දී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලසිත් මාලිංග දැවී යද්දී ධම්මික ප්‍රසාද් පන්දු 21 කදී ලකුණු 31 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

ඒ අනුව ඉතාමත් අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් ලකුණු 15 ක පරාජයක් ලැබුවා.

කොහොම නමුත් සජීවීව තරගය නරඹපු අයෙකුට කවදාවත් මෙම තරගයනම් අමතක නොවේවී.

මෙම මතක ආවර්ජනය අප නැවත සිදුකළේ අදට යෙදී ඇති ලොව හිටපු අංක එකේ එක්දින වේග පන්දු යවන්නෙකු වූ නුවන් කුලසේකරගේ 38 වෙනි ජන්ම දිනය වෙනුවෙනි.

කුලේගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...