ස්ටොයිනිස්ගේ හුදෙකලා සටන හමුවේ CSK පරදා ලක්නව් පිලට සුපිරි ජයක්

Date:

රුටුරාජ් ගයික්වඩ්ගේ නොදැවුණු ශතකයත්, ශිවම් ඩූබේගේ වේගවත් පිතිහරඹයත් අපතේ යවමින් මර්කස් ස්ටොයිනිස් නොදැවී වාර්තා කළ ලකුණු 124 හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 39 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු හයක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(23) සමත් වුණා.

චෙන්නායි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. එය චෙන්නායි හී දී කණ්ඩායමක් සාර්ථක ලෙස හඹා ගොස් අයි.පී.එල් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

සෙසු පිතිකරුවන්ගෙන් සාර්ථක දායකත්වයක් හඹා යාමට නොලැබුණු පසුබිමක හුදෙකලා සටනක නිරත වූ මර්කස් ස්ටොයිනිස් පන්දු 63 කින් නොදැවී ලකුණු 124 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ හයේ පහර 6කින් හා හතරේ පහර 13 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

නිකලස් පූරාන් පන්දු 15 කින් ලකුණු 34 ක් ලබා ගත්තා. දීපක් හූදා නොදැවී ලකුණු 17(6) යි. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 35 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි පිල වෙනුවෙන් සුපිරි ශතකයක් වාර්තා කළ නායක රුටුරාජ් ගයික්වඩ් පන්දු 60 කින් නොදැවී ලකුණු 108 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 12 ක් සමගින්.

ශිවම් ඩූබේ පන්දු 27 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 60 ක් රැස් කළා. ඒ, හයේ පහර 7ක් හා හතරේ පහර 3ක් සමගින්.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි, මොහ්සින් ඛාන් හා යශ් තාකූර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ද ලක්නව් කණ්ඩායම සමත් වුණා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...