ස්කොට්ලන්තයට ලකුණු 17ක ජයක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පස්වන තරගයෙන් ජය වාර්තා කිරීමට ස්කොට්ලන්ත කණ්ඩායම අද(19) සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 17 කින් පරාජයට පත්වූයේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමයි.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තා.

Matthew Cross ලකුණු 45ක් රැස් කළා. Richie Berrington ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 49කින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර හයක් ඇතුළත්.

පන්දු යැවීමේදී Kabua Morea ලකුණු 31කට කඩුලු 4 සහ Chad Soper ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව් ගිනියාවට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 148ක් පමණයි

Norman Vanua ලකුණු 47 ක් රැස් කළා. පන්දු යැවීමේදී Josh Davey ලකුණු 18කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...