සර්ෆ්‍රාස් වෙනුවට ගාලු කණ්ඩායමට පාකිස්තාන යොවුන් ක්‍රීඩකයෙක්

Date:

පාකිස්තාන මුල්පෙල පිතිකරුවෙකු වන අහ්සාන් අලී ගාලු කණ්ඩායමට හෙවත් ගෝල් ග්ලැඩියේටර්ස් සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ, එළඹෙන නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වූ පාකිස්තාන හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් වෙනුවටයි.

අහ්සාන් අලී පාකිස්තානය වෙනුවෙන් 20යි 20 තරග දෙකකට ද ක්‍රීඩා කර ඇති අතර, ඔහු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී Quetta Gladiators කණ්ඩායම ද නියෝජනය කරනවා.

Quetta Gladiators කණ්ඩායමේ ද හිමිකරු ලෙස කටයුතු කරන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරු වන නදීම් ඕමාර්.

සර්ෆ්‍රාස් අහ්මඩ්ට අමතරව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ වහබ් රියාස්ට සහ කලම්බු කිංග්ස් කණ්ඩායමේ මොහොමඩ් හෆීස්ට ද නවසීලන්ත තරග සංචාරය හේතුවෙන් එල්.පී.එල් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා සිට දෙසැම්බර් 16 වනදා දක්වා හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...