සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

Date:

තරග පාවාදීමකට පොළඹවා ගැනීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද භාර වීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිතයි.

2020 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සචිත්‍ර සේනානායක විසින් ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි සිට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවට චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබූ අතර, ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කළේ.

තරග පාවාදීමක් සදහා පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පසුගිය අගෝස්තු 14 වැනිදා අධිකරණයට දැනුම් දී තිබුණා.

සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට ද එදින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා කටයුතු කළා.

කෙසේ වෙතත්, සචිත්‍ර සේනානායක සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් සදහන් කළේ ඒවා තමා සහ තම පවුල අපකීර්තියට පත් කිරීමේ අරමුණින් කරන ලද පදනම් විරහිත චෝදනා බවයි.

38 හැවිරිදි සේනානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයක්, එක්දින තරග 49 ක් හා 20යි 20 තරග 24 ක් ක්‍රීඩා කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...