බෙයාර්ස්ටව්ගේ සුපිරි ඉනිම අපතේ යයි ; නවසීලන්තය T20 තරගාවලිය සම කරයි

Date:

ජොනී බෙයාර්ස්ටව්ගේ විශිෂ්ඨ ඉනිම අපතේ යවමින් එංගලන්තය සමග පැවැති සිව්වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවැති 20යි 20 තරගාවලිය තරග 2-2 ක් ලෙස අවසන් වුණේ සම මට්ටමෙන්.

නොටින්හැම්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

බෙයාර්ස්ටව් පන්දු 41 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. හයේ පහර 6 ක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

මිචෙල් සැන්ට්නර් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉෂ් සෝදි කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටිම් සයිෆර්ඩ් ලකුණු 48(32) ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 42(25) ක් හා මාර්ක් චැප්මන් නොදැවී ලකුණු 40(25) ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී රෙහාන් අහ්මඩ් කඩුලු 2 ක් හා ලුක් වුඩ් එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...