“ශාරීරික යෝග්‍යතාවය තේරීමේ නිර්ණායකයක් කළොත් එය ප්‍රශ්නයක්” : දිමුත් කරුණාරත්න

Date:

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට එළඹෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය වෙනුවෙන් සූදානමින් පසුවනවා.

නිමා වූ බංග්ලාදේශ තරග සංචාරය සාර්ථකව ජයග්‍රාහීව අවසන් කිරීම තුළින් ලබා ගත් ආත්ම විශ්වාසය ද සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 29 වැනිදා සිට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.

තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ සියලු තරග ගාල්ලේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද හා ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ක්‍රික්බස් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා තිබෙනවා.

එහිදී දිමුත් සදහන් කර ඇත්තේ ශාරීරික යෝග්‍යතාවය පිළිබද සලකා බැලීම වැදගත් වුවත්, එය කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේ නිර්නායකයක් වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

“ඔබ ක්‍රීඩකයෙක් නම් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගත යුතුයි, විශේෂයෙන් ඔබ වයසට යන විට, ඔබේ ශාරීරික යෝග්‍යතාවයද පවත්වා ගත යුතුයි. නමුත් ඔබ මෙම ශාරීරික යෝග්‍යතාවය තේරීමේ නිර්ණායකයක් ලෙස ගතහොත් එය ගැටළුවක් වේවි.” යනුවෙන් දිමුත් සදහන් කළා.

“මම හිතන්නේ ඒක තමයි වුණේ. අපට කළ හැකි දේ ගැන සහ ක්‍රීඩා කරන හොඳම 11 දෙනා තෝරා ගැනීමට කළ හැකි දේ පිළිබද අපගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ සාකච්ඡා කිරීමට සිදු වුණා. මම හිතන්නේ මේ යෝග්‍යතා දේවල් නිසා, අපට තරඟ සඳහා හොඳම 11 දෙනා ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒකයි සමහර වෙලාවට අපි මැච් පරදින්නේ, අනාගතයේදී ඔවුන් එය නැවත සලකා බලාවියැයි මම සිතනවා.”

“යෝග්‍යතාවය තමයි අංක එක, නමුත් එය තේරීමේ නිර්ණායකයක් විය හැකි යැයි මම හිතන්නේ නැහැ. ක්‍රීඩකයින් දිනපතාම උත්සාහ කරනවා ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගෙන යන්න. යෝග්‍යතාවය පුරුද්දක් වූ විට,ඔවුන්ට එය පහසුවෙන් කළ හැකියි.”

“නමුත් දැන් අපි කිලෝ මීටර් දෙකේ සැසියක් කරනවා, ඒක අපිට අලුත්. ඒකයි අපි ඒකත් එක්ක දුෂ්කරතාවයකට පත්වෙලා ඉන්නේ. නමුත් අනාගතයේදී එය පහසු වේවි. මොකද අපි දිගටම දුවමින් ඉන්නකොට එය අපට පහසු වේවි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...