රෝහිට් ෂර්මාට කොරෝනා ; 5 වැනි ටෙස්ට් තරගයත් අහිමි වීමේ අවධානමක

Date:

මේ වන විට එංගලන්ත තරග සංචාරයක නිරත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මාට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී මේ බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව ඔහුව මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති අතර, රෝහිට් ෂර්මා අද(26) දිනයේ දී PCR පරීක්ෂණයකට ද මුහුණ දීමට නියමිත බව සදහන්.

මේ දිනවල Leicestershire කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම සිව්දින පුහුණු තරගයකට ද එක්ව සිටින අතර, එම තරගය සදහා ද ෂර්මා එක්ව සිටියා.

පළමු ඉනිමේ දී ඔහු ලකුණු 25ක් රැස් කළ නමුත්, දෙවැනි ඉනිමේ දී ඔහු පිතිකරණයේ නිරත වීමට පැමිණියේ නැහැ.

ආබාධයකට ලක්වීම හේතුවෙන් මේ වන විටත් ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ගේ සේවය ද ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට අහිමි වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසයේ බලපෑම හමුවේ පැවැත්වීමට හැකි වූයේ ඉන් තරග 4ක් පමණයි.

තරග 4ක් අවසන් වන විට ඉන්දියාව තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින අතර, පැවැත්වීමට නොහැකි වූ අවසන් ටෙස්ට් තරගය එළඹෙන ජූලි පළමු වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

අනතුරුව දෙරට අතර තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි දෙකක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...