ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය හා මිල ගණන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(25) නිවේදනය කළා.

සීමිත පන්දුවාර තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ජනවාරි මාසයේ දී යි. තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk වෙබ් අඩවිය ඔස්සේ මේ වන විට මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට ලබා දී තිබෙනවා. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු ජනවාරි 4 වැනිදා සිට විවෘතව තබන අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් හා විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කවුළුවෙන් එම ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට 5,000 දක්වා වන මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිතව තිබෙනවා. (මාධ්‍ය නිවේදනය පහතින්)

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි. දෙවැනි එක්දින තරගය හා තෙවැනි එක්දින තරගය පිළිවෙලින් පැවැත්වෙන්නේ ජනවාරි 8 වැනිදා හා 11 වැනිදායි. දෙවැනි හා තෙවැනි 20යි 20 තරග ජනවාරි 16 හා 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

SLC

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...