ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පැරද වූ ඉන්දියාව Road Safty ශූරතාවය දිනයි

Date:

Road Safty World Series තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අද(21) සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජයට පත් කරමින්.

රායිපූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න ඩිල්ෂාන් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 181ක් ලබා ගනිමින්.

විරේන්ද ෂෙවාග් ලකුණු 10කටත්, සචින් ටෙන්ඩුල්කාර් ලකුණු 30කටත් දැවී ගියා.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ යුවරාජ් සිං පන්දු 41කින් ලකුණු 60ක් ලබා ගත්තේ හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගින්.

යූසුෆ් පතාන් පන්දු 36කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 62ක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී රංගන හේරත්, සනත් ජයසූරිය, ෆර්විස් මහරූෆ් සහ කෞෂල්‍ය වීරරත්න එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ඉනිම ආරම්භ කළ තිලකරත්න ඩිල්ෂාන් සහ සනත් ජයසූරිය පළමු කඩුල්ලට ගොඩ නැගූ සබදතාවය ලකුණු 62ක්.

ඩිල්ෂාන් ලකුණු 21කටත්, චාමර සිල්වා ලකුණු 2කටත් දැවී ගිය අතර, සනත් ජයසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 43ක්.

පන්දු 35කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත්.

කෞෂල්‍ය වීරරත්න පන්දු 15කින් ලකුණු 38ක් ලබා ගත්තේ හයේ පහර සහ හතරේ පහර 3 බැගින් එල්ල කරමින්.

චින්තක ජයසිංහ ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී යුසුෆ් පතාන් සහ ඉර්ෆාන් පතාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගාවලියේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...