ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට ලකුණු 21 ක ජයක්

Date:

International Masters League ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම පරදා ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වුණා.

Vadodara හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 173 ක් ලබා ගත්තා.

අසේල ගුණරත්න පන්දු 45 කින් ලකුණු 64 ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් සමගින්. නායක කුමාර් සංගක්කාර ලකුණු 47 යි. පන්දු 42 කින් වාර්තා වූ ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේදී ඈෂ්ලි නර්ස් ලකුණු 23 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ටීනෝ බෙස්ට් කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට කඩුලු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

ඩ්වේයන් ස්මිත් ලකුණු 49 ක් හා ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 37 ක් නොදවී රැස් කළා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 15 කට කඩුලු දෙකක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...