ශ්‍රී ලංකාව දෙවැනි එක්දින තරගය පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 78 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(7) සමත් වුණා.

නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 245 ක් රැස් කළා.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 59දීත්, 5 වැනි කඩුල්ල ලකුණු 110 දිත් බිද වැටුණු පසුබිමක Maddy Green ලකුණු 100 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී චමරි අතපත්තු ලකුණු 42 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 46.4 කට සීමා කරමින් සියලු දෙනා ලකුණු 167 කට දැවී ගියා.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 59 යි. පන්දු යැවීමේදී Hannah Rowe ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...