ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය අවලංගු වෙයි ද? ශ්‍රී ලංකාවත් දිල්ලි පුහුණු සැසිය අවලංගු කරයි

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද(4) දහවල් දිල්ලි ක්‍රීඩාංගනයේ දී සහභාගී වීමට නියමිතව තිබූ පුහුණු සැසිය අවලංගු කර තිබෙනවා.

ඒ, දිල්ලි නුවර පවතින අධික වායු දූෂණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම ලබා දුන් උපදෙස් හේතුවෙන්.

බංග්ලාදේශ කණ්ඩායම ද වායු දූෂණ තත්ත්වය හේතුවෙන් ඊයේ දිනයේ දී සිය පුහුණු සැසිය අවලංගු කිරීමට කටයුතු කළා.

එළඹෙන 6 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට එරෙහිව දිල්ලි හී දී තරග වැදීමට නියමිතව ඇති අතර, එම තරගය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලි නුවර වෙත පැමිණියේ පසුගියදා ඉන්දියාවට එරෙහිව පැවැති තරගයෙන් පසුවයි. බංග්ලාදේශ කණ්ඩායම පසුගිය බදාදා දිල්ලි නුවර වෙත පැමිණියා.

පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගය පැවැත්වීම ද දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, පවතින තත්ත්වය පිළිබද ජගත් ක්‍රිකට් කවුන්සලය හා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද දැඩි අවධානයන් පසුවනවා.

මේ වන විට පලවී ඇති අනාවැකි අනුව එළඹෙන 7 වැනිදා පමණ වන තුරු දිල්ලි නුවර වායු දූෂණ තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතිනවා.

ඒ හේතුවෙන් හදිසි තත්ත්වයක් (air emergency) ද ප්‍රකාශයට පත් කර ඇති අතර, දින කිහිපයක් සදහා පාසල් වසා දැමීමට ද පියවර ගෙන තිබෙනවා. ඉදිකිරීම් සහ වාහන ගමනාගමනය සඳහා සීමා පැනවීමට ද බළධාරීන් පියවර ගත්තා.

තරගය පැවැත්වෙන දිනයේ දී තරග නිලධාරීන් විසින් පවතින තත්ත්වය නිරීක්ෂණය කර තරගය පැවැත්විය හැකි දැයි තීරණය කරනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වසරේ දී දිල්ලි ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයට ද වායු දූෂනයෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය තත්ත්වයට ද එම තරගය අතරතුර දී දැඩි බලපෑම් එල්ල වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...