අවමන් සහගත අන්ත පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබලයෙක් ඉල්ලා අස් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ පාර්ශව රැසකින් ක්‍රිකට් ආයතනයට එරෙහිව එල්ල වන දැඩි චෝදනා හමුවේයි.

ඉන්දියාව හමුවේ පසුගිය දෙවැනිදා ලද අවමන් සහගත අන්ත පරාජයෙන් පසුව ක්‍රිකට් ආයතනයේ නිළධාරීන්ට සිය ධූරවලින් ඉල්ලා අස් වන ලෙසත්, එසේ නොවන්නේනම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවටත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළ පසුබිමක ලේකම්වරයා මෙලෙස සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ලබන පරාජයන්හි වගකීම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුව හා අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුව භාර ගත යුතු බවයි අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවයට හා පුහුණු අංගයන් අතර අත්‍යවශ්‍ය අංගයක් වන පිහිණුම් තටාකයක් ද මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉදිවී නොමැති බවත් අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...