ඇමෙරිකාවේ නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ටුවට් ලෝ පත් කර තිබෙනවා.

ඔහුගේ පළමු වගකීම බවට පත් වන්නේ බංග්ලාදේශය සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ඇමෙරිකානු කණ්ඩායම සූදානම් කිරීමයි.

අනතුරුව ජූනි මාසයේ දී ඇමෙරිකාවේ සම සත්කාරකත්වය යටතේ පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරුවෙකු වන ස්ටුවට් ලෝ මීට පෙර බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු තාවකාලික පදනම යටතේ සේවය කර තිබුණා.

2012 වසරේ දී බංග්ලාදේශ කණ්ඩායම පළමු වරට ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට රැගෙන යාම සදහා මග පෙන්වනු ලැබුවේ ද ස්ටුවට් ලෝ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද ස්ටුවට් ලෝ කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...