කොන්වේ IPL තරගාවලියෙන්ම ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකු CSK නම් කරයි

Date:

ආබාධයකට ලක්ව සිටින නවසීලන්ත හා චෙන්නායි සුපර් කිංග්ස් ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදු වන බව තරගාවලියේ සංවිධායකයින් අද (18) තහවුරු කළා.

ඒ අනුව ඔහු වෙනුවට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන රිචර්ඩ් ග්ලීසන් සිය සංචිතයට ආදේශ කිරීමටයි චෙන්නායි කණ්ඩායමේ කලමනාකාරීත්වය පියවර ගෙන ඇත්තේ.

ඔහු එංගලන්තය වෙනුවෙන් විස්සයි 20 ජාත්‍යන්තර තරග හයක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී කඩුලු 9ක් දවා ගෙන තිබෙනවා.

ග්ලීසන් ක්‍රීඩා කර ඇති සමස්ත විස්සයි 20 තරග සංඛ්‍යාව 90 ක්. එහිදී ඔහු කඩුලු 101 ක් දවා ගැනීමට සමත් වුණා.

ඔහු චෙන්නායි කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකටයි.

ඩෙවෝන් කොන්වේ පසුගිය අයි.පී.එල් තරගවාර දෙකේ දී චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී තරග 23 කදී ඔහු ලකුණු 924 ක් රැස් කිරීමට සමත් වුණා. ඊට අර්ධ ශතක 9 ක් ඇතුළත්.

මෙවර අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට පෙරම කොන්වේ ආබාධයකට ලක් වූ අතර, ඔහුට මැයි මාසය වන තුරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදු වන බව මීට පෙර නිවේදනය කර තිබුණා.

කෙසේ වෙතත්, ඔහුට සම්පූර්ණ අයි.පී.එල් තරගාවලිය අහිමි වන බවට මෙතෙක් නිවේදනය කර නොතිබූ අතර, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට චෙන්නායි පිල මෙතෙක් කටයුතු කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...