ශ්‍රී ලංකා පිතිකරුවන් හයේ පහර එල්ල කිරීමේ රහස චරිත් හෙළි කරයි

Date:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගනවලට වඩා ඉන්දීය ක්‍රීඩාංගන රැසක් ප්‍රමාණයෙන් කුඩා වීම හේතුවෙන් එම ක්‍රීඩාංගනවලදී හයේ පහර එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට පහසු වී ඇති බව ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු චරිත් අසලංක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් සදහන් කළේ ඒ සදහා විශේෂ පුහුණුවක ශ්‍රී ලංකා පිතිකරුවන් නිරත නොවන බවයි.

Also Read : තවත් ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකුට ආබාධ

ඉන්දීය ක්‍රීඩාංගන රැසක තණතීරු පිතිකරුවන්ට ඉතා යෝග්‍ය වීම ද එම ක්‍රීඩාංගනවල හයේ පහර වැඩි ප්‍රමාණයක් වාර්තා වීමට බලපාන බව නොරහසක්.

මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිපදෙනෙකු ද හයේ පහර වැඩි ප්‍රමාණයක් එල්ල කරන අයුරු දක්නට ලැබුණා.

ඒ සදහා විශේෂ පුහුණුවක් ලබන්නේදැයි මාධ්‍යවේදියෙකු අද පැවැති කෙටි මාධ්‍ය සාකච්ඡාවක දී චරිත් අසලංකගෙන් විමසා සිටියා.

“විශේෂයක් නෑ. විශේෂත්වය අපිට තියෙන්නේ අපි ලංකාවේ ග්‍රවුන්ඩ්ස්වල සෙල්ලම් කරලා ආවම අපිට සමහර ග්‍රවුන්ඩ්ස් (ඉන්දියාවේ) ටිකක් පොඩියි වගේ ඇත්තටම පේනවා. ඉතිං එතකොට අපේ කන්ෆිඩෙන්ස් එක වැඩියි, මොකද ලංකාවේ හයේ ඒවා එල්ල කරාම මේකේ අපිට කොහොමත් පුලුවන් කියන එක අපේ ඔලුවේ තියෙනවා. ඉතිං ඒක වෙන්න ඇති මම හිතන්නේ විශේෂත්වය.” යනුවෙන් චරිත් කියා සිටියා.

ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

“ගිය අවුරුද්දේ මම ක්‍රීඩා කරද්දිනම් මේ පිච් එක (ලක්නව්) අනිත් පිච් තරම්ම බැට්ස්මන්ලට හොද නෑ. අනිත් එක ග්‍රවුන්ඩ් එක ටිකක් ලොකුයි. අනිත් ග්‍රවුන්ඩ්වලට සාපේක්ෂව ඉන්දියාවෙ තියෙන. මොකද ගොඩක් ග්‍රවුන්ඩ්ස් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ඒවට වැඩිය පොඩියි. මේක සාමාන්‍ය අපේ ග්‍රවුන්ඩ් එකක් වගේ ලොකුයි. ඉතිං ඒකත් පිතිකරුවෙක් විදිහට වාසියක් විදිහට ගන්නත් පුලුවන්. මොකද එතකොට ගැප්ස් ලොකුයි. අපිට අවශ්‍ය ලකුණු ගාන ගන්න පුලුවන් මේ ග්‍රවුන්ඩ් එකේ.”

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකේදීම දැවැන්ත පරාජයන්ට මුහුණ දී ඇති බැවින් ඔවුන් මානසිකව පහළ මට්ටමක සිටින බවත්, සිය කණ්ඩායමේ පන්දු යැවීම හා පන්දු රැකීම තවදුරටත් දියුණු කර ගනිමින් ඔවුන්ට එරෙහිව හොද තරගයක් ලබා දීමට සූදානමින් සිටින බවත් චරිත් වැඩිදුරටත් සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...