තවත් ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙකුට ආබාධ

Date:

ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම අද ලක්නව් හී දී පැවැති පුහුණුවීම් කටයුතු සදහා එක්ව නොමැති බව සදහන්.

ඒ අනුව දසුන් ශානකට හා මතීෂ පතිරණට ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කළේ.

එසේ වුවහොත් එම තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරෙනු ඇති.

නායක දසුන් ශානකට සති තුනක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බවයි අද දෙරණ වාර්තා කර ඇත්තේ.

ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලක්නව් හී දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...