ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය නරඹන්නේ මෙහෙමයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අගහරුවාදා (11) ආරම්භ වනවා.

පළමු තරගය රාවල්පින්ඩිහීදී මෙරට වේලාවෙන් පස්වරු 3:00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි හා තෙවැනි තරග ද පිළිවෙලින් එළඹෙන 13 වැනිදා හා 15 වැනිදා පැවැත්වෙන්නේ රාවල්පින්ඩිහීදීයි.

වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 4 වැනි ස්ථානයේත්, පාකිස්තානය 5 වැනි ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාව මෙම වසරේදී මෙතෙක් ක්‍රීඩා කර ඇති එක්දින තරග 10 න් තරග 7 ක් ජය ගෙන ඇති අතර, පාකිස්තානය 14 කින් තරග 10 ක්ම පරාජයට පත්ව තිබීම විශේෂත්වයක්.

දෙරට අතර මේ දක්වා ඉතිහාසයේදී එක්දින තරග 157 ක් පවත්වා තිබෙනවා. ඉන් තරග 93 ක් පාකිස්තානය ජය ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ තරග 59 ක් පමණයි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අවසන් වරට එක්දින තරගයකදී මුණ ගැසී ඇත්තේ 2023 ලෝක කුසලාන තරගාවලියේදීයි. එම තරගයෙන් පාකිස්තානය ජය ගත්තා.

සජීවී විකාශය –

මෙම තරග සංචාරයේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි කර ගෙන ඇත්තේ TV SUPREME නාලිකාවයි.

තරග නැරඹිය හැකි ආකාර –

  • PEOTV – PEO SPORTS 1 HD (CH.323) & SD (CH.150)
  • Dialog TV – ThePapare 1 & ThePapare 1 HD (Ch. 62 & 126), Dialog ViU+ App, ThePapare.com.
  • TV SUPREME, SandBrix.com

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...