ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(11) නිවේදනය කළා.

ඊට අනුව එංගලන්තය සමග නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හය දෙනෙකු ශ්‍රේණිගත කිරීම්හි සිය ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට ද සමත්ව තිබෙනවා.

ඒ අනුව නායක ධනංජය ද සිල්වා* පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනකින් ඉදිරියට පැමිණ ඇත්තේ තෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 69 හේතුවෙනුයි.

දිමුත් කරුණාරත්න 16 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස තිබෙනවා.

තරගාවලිය පුරා ලකුණු අතරේ රැදී සිටි කමිදු මෙන්ඩිස්* අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ අතර, ඒ අනුව ඔහු සම 19 වැනි ස්ථානය දක්වා ස්ථාන හයකින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

දෙවැනි ඉනිමේ දී සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකාව අනර්ඝ ජයක් කරා රැගෙන ගිය පැතුම් නිස්සංක* 39 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 42 කින්. ඔහු පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළා.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 31 වැනි ස්ථානය දක්වා ස්ථාන 13 කින් ඉදිරියට පැමිණීමට වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු* සමත්ව තිබෙනවා.

ලහිරු කුමාර* 32 වැනි ස්ථානය දක්වා ස්ථාන 10 කින් ද, මිලාන් රත්නායක* සම 84 වැනි ස්ථානය දක්වා ස්ථාන 26 කින් ද ඉදිරියට පැමිණ ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, අසිත ප්‍රනාන්දු 11 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස තිබෙනවා.

*සිය ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය වාර්තා කර ඇති ක්‍රීඩකයින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...