“ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී නොගත්තේ ඔවුන් අදක්ෂ නිසා නොවෙයි” හේතුව සංගා පදහයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසියේ දී කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ අදක්ෂතාවයක් නිසා නොවන බව හිටපු ක්‍රිකට් නායක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙවර සම්පූර්ණ අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් පැවැති අවිනිශ්චිතතාවය ඊට හේතු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අයි.පී.එල් තරගාවලි ඉතිහාසයේ පළමු වරට මෙවර තරගාවලිය සදහා කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ.

පසුගිය 18 වනදා පැවැති ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිතව සිටියද ඉදිරිපත් කෙරුණේ ක්‍රීඩකයින් තිදෙනෙකු පමණයි.

ඔවුන් මිලදී ගැනීමට ද කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග සංචාර වැඩපිළිවෙල සම්බන්ධයෙන් තියෙන අවිනිශ්චිතභාවය තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. ඒ නිසා ගොඩක් අමාරුයි අනුමාන කරන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කොපමණ කාලයක් මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි ද කියලා.” යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංගක්කාර සදහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරගාවලිය අතරමගදී ඉන් ඉවත් වීමට සිදු වීමේ අවධානමක් පැවැති බවත්, එම නිසා කණ්ඩායම් හිමිකරුවන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මිලදී ගැනීමට අකමැත්තක් දැක් වූ බවත් සංගක්කාර පෙන්වා දුන්නා.

“ඒක තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක ගැනීමට නොහැකි වීමට. නියත වශයෙන්ම ඔවුන්ට හැකියාවක් හෝ දක්ෂතාවයක් නොමැතිකම නිසා නොවෙයි”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...