ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට BPL අහිමි වෙද්දී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට PSL අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගත වී සිටින ක්‍රීඩකයින්ට එළඹෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා නොදීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් සදහන් කළේ ජාත්‍යන්තර තරග හා දේශීය තරග සදහා ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බැවින් එම තීරණය ගත් බවයි.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එළඹෙන 21 වනදා ආරම්භ වන බී.පී.එල් තරගාවලිය සදහා තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 9ක්.

ෆෝර්චුන් බරිසල් කණ්ඩායම විසින් මේ වන විටත් නිවේදනය කර ඇත්තේ ධනුෂ්ක ගුණතිලක වෙනුවට ඩ්වේයන් බ්‍රාවෝ සිය කණ්ඩායමට ආදේශ කළ බවයි.

ෆෝර්චුන් බරිසල් කණ්ඩායම විසින් නිරෝෂන් දික්වැල්ල තෝරා ගෙන තිබූ අතර, කුසල් මෙන්ඩිස් සිය කණ්ඩායමට තෝරා ගත්තේ කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායම විසිනුයි.

තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න හා භානුක රාජපක්ෂ සමග කුල්නා ටයිගර්ස් කණ්ඩායම ගිවිසුම් ගතව ඇති අතර, දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ පෙරේරා සිල්හෙට් කණ්ඩායම විසින් ද, ඉසුරු උදාන ඩකා කණ්ඩායම විසින් ද සිය කණ්ඩායම සදහා තෝරා ගත්තා.

මේ අතර, විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින්ට ඒ සදහා ක්‍රිකට් ආයතනය ඉදිරියේ දී අවසර ලබා දෙන්නේ අදාළ ක්‍රීඩකයා විශ්‍රාම යාමෙන් පසු මාස 6ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නව නීතියක් හදුන්වා දෙමින් සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...