ලේතම් – කොන්වේ 201* ක සබදතාවය හමුවේ බංග්ලාදේශය පළමු දිනයේ දී අසරණ වෙයි

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්තය තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ පළමු දිනය අවසන් වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 349ක් රැස් කරමින්.

සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කළ නායක ටොම් ලේතම් නොදැවී ලකුණු 186ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 99 යි.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 201ක්.

පළමු කඩුල්ල සදහා ලේතම් හා විල් යන්ග් අතර ලකුණු 148ක සබදතාවයක් ද ගොඩ නැගුණු අතර, එය බිද වැටුණේ විල් යන්ග් ලකුණු 54කට දවා ගැනීමට ශොරිෆුල් ඉස්ලාම් සමත් වීම හේතුවෙන්.

(විල් යන්ග් එක් පන්දුවකට ලකුණු 7ක් රැස් කළ හැටි – වීඩියෝව පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...