ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලිය හා ආසියානු කුසලානය ගැන සුබ ආරංචියක්

Date:

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සැලසුම් කළ ආකාරයට පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීමට දෙරටේම ක්‍රිකට් ආයතන මේ වන විට සූදානමින් පසුවන බවයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් අදාළ තරග සංචාරය සඳහා වන ඔස්ට්‍රේලියානු සංචිතය ද හෙට දිනයේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියානු “A” කණ්ඩායම ද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති අර්බුදකාරී වාතාවරණය පදනම් කර ගනිමිනුයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද අවධානමකට ලක්ව තිබුණේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදු වන ආකාරය දෙස අවධානය යොමු කර එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය මෙරට දී පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය ද මීට පෙර තීරණය කර තිබුණා.

ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට සංචාරය නියමිත පරිදි සිදු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එළඹෙන ආසියානු කුසලාන තරගාවලිය ද ගැටලුවකින් තොරව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකියාව ලැබීමට ඉඩ පවතිනවා.

ශ්‍රී ලංකා තරග සංචාරයේ නිරත වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනුමැතිය හිමිව ඇත්තේ ආරක්ෂක කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව බව ද සදහන්.

ජූනි හා ජූලි මාසවලදී සිදු කරන මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරග සංචාරයට අයත් සීමිත පන්දුවාර තරගාවලි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන්නේ ගාල්ල ක්‍රීඩාංගනයේ දී යි.

20යි 20 තරගාවලිය ජූනි 7 වැනිදා ද, එක්දින තරගාවලිය ජූනි 14 වැනිදා ද, ටෙස්ට් තරගාවලිය ජූනි 29 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු “A” කණ්ඩායම ද එක්දින තරග දෙකක් හා සිව්දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරග කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...