ශ්‍රී ලංකා එක්දින සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු හා ආදේශක ක්‍රීඩකයින් දෙදෙනකු නම් කෙරේ

Date:

ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඩිල්ෂාන් මදුෂංක පුහුණුවීම් අතරතුර දී වම් පාදයේ ආබාධයකට ලක්ව ඇති බැවින් හා මතීෂ පතිරණ තෙවැනි විස්සයි 20 තරගයේ දී මුහුණ දුන් දකුණු උරහිසේ ආබාධය හේතුවෙන් ඔවුන්ට එක්දින තරගාවලිය අහිමි වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියේ.

ඒ අනුව ආබාධවලට ලක් වූ වේග පන්දු යවන්නන් දෙදෙනා වෙනුවට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති මොහමඩ් ශිරාස් හා ඒෂාන් මාලිංග සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අතිරේක ක්‍රීඩකයින් ලෙස කුසල් පෙරේරා, ප්‍රමෝද් මදුෂාන් හා ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට නම් කිරීමට ද පියවර ගෙන ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට(2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.

The Squad

1) Charith Asalanka– Captain
2) Pathum Nissanka
3) Avishka Fernando
4) Kusal Mendis
5) Sadeera Samarawickrama
6) Kamindu Mendis
7) Janith Liyanage
8) Nishan Madushka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11) Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Akila Dananjaya
14) Mohammed Shiraz
15) Eshan Malinga
16) Asitha Fernando

Standby :
1) Kusal Janith
2) Pramod Madushan
3) Jeffrey Vandersay

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...