දකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර පළමු වරට එක්දින තරගාවලියක්

Date:

දකුණු අප්‍රිකාව හා ඇෆ්ඝනිස්තානය අතර පළමු වරට ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර සැප්තැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සත්කාරකත්වය දරන මෙම එක්දින තරගාවලිය සාජා හී දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය ජාත්‍යන්තර තරග කාලසටහනට (Future Tours Programme (FTP) ) මීට පෙර ඇතුළත්ව තිබුණේ නැහැ.

මෙම එක්දින තරගාවලියෙන් පසුව සැප්තැම්බර් 27 වැනිදා සිට අබුඩාබි හී දී දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අතර ද විස්සයි 20 තරග 2ක් හා එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...