ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල්ට හිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

වත්මන් නායක දිමුත් කරුණාරත්න වෙනුවට ඔහු එලෙස නායකයා ලෙස පත් කිරීමට අවධානය යොමුව ඇති අතර, කුසල් මෙන්ඩිස් එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කිරීමටයි අවධානය යොමුව ඇත්තේ.

ජ්‍යෙෂ්ට ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ඉදිරියේ දී එක්දින කණ්ඩායම සදහා තෝරා නොගැනීමට අවධානය යොමුව ඇති පසුබිමකයි නායකත්වය සම්බන්ධයෙන් ද මෙවැනි සංවාදයක් ඇතිව තිබෙන්නේ.

ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, තිසර පෙරේරා, සුරංග ලක්මාල් හා දිනෙෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින්ට ඉදිරියේ දී එක්දින කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීමට ඉඩ ඇති බව newswire වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...