ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක රැස් කළ පිතිකරුවන් 10 දෙනා

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය අවධියක ක්‍රීඩාව වර්ණවත් කළ අවසන් පුරුක් අතලොස්සෙන් තවත් විශිෂ්ඨ පිතිකරුවෙකු වූ උපුල් තරංග ඊයේ (23) දිනයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බවට ප්‍රකාශ කළ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

ඒ අනුව ජගත් ක්‍රිකට් පිටියට සමුදෙන විට ජාත්‍යන්තර ඉනිම 307 කට ක්‍රීඩා කර තිබූ උපුල් තරංග රැස්කරගෙන තිබු ලකුණු සංඛ්‍යාව 9112 ක්.

ඊට ශතක 18 ක් සහ අර්ධ ශතක 45 ක් ඇතුළත්.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන විට 36 හැවිරිදි වියේ පසු වූ උපුල් තරංග වැඩිම එක්දින ශතකලාභී ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පසුවන්නේ පස්වන ස්ථානයේයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ශතක සංඛ්‍යාවක් රැස්කිරීමට සමත් වූ පිතිකරුවන් දසදෙනා මෙසේයි.

10. අර්ජුන රණතුංග

එක්දින තරග 269 යි. ඉනිම 255 යි. රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 7456 ක්. ලබාගත් ශතක සංඛ්‍යාව 4යි. පිතිකරණ සාමාන්‍ය 35.84 ක්.

09. රොෂාන් මහානාම

එක්දින තරග 213 යි. ඉනිම 198 යි. මුළු ලකුණු 5162 යි. ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව 4 යි. පිතිකරණ සාමාන්‍ය 29.49 ක්.

08. කුසල් පෙරේරා

එක්දින තරග 101 යි. ඉනිම 96 යි. රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 2825 ක්. ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව 5 යි. රඳවාගෙන සිටින පිතිකරණ සාමාන්‍ය 31.04 ක්.

07. අරවින්ද ද සිල්වා

එක්දින තරග 308 යි. ඉනිම 296 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 9284 ක්. ලබා ගත් ශතක සංඛ්‍යාව 11 යි. පිතිකරණ සාමාන්‍ය 34.9 ක්.

06. මාවන් අතපත්තු

එක්දින තරග 268 යි. ඉනිම 259 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 8529 ක්. ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව 11 යි. රඳවාගෙන සිටි පිතිකරණ සාමාන්‍ය 37.57 ක්.

05. උපුල් තරංග

එක්දින තරග 234 යි. ඉනිම 222 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 6941 ක්. ලබාගෙන තිබෙන ශතක සංඛ්‍යාව 15ක්. රඳවාගෙන සිටි පිතිකරණ සාමාන්‍ය 33.85 ක්.

04. මහේල ජයවර්ධන

එක්දින තරග 443 යි. ඉනිම 413 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 12,381 ක්. ලබාගෙන තිබෙන ශතක සංඛ්‍යාව 18ක්. රඳවාගෙන සිටි පිතිකරණ සාමාන්‍ය 33.01 ක්.

03. තිලකරත්න ඩිල්ෂාන්

එක්දින තරග 330 යි. ඉනිම 303 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 10,290 ක්. ශතක 22 යි. පිතිකරණ සාමාන්‍ය 39.27 ක්.

02. කුමාර් සංගක්කාර

එක්දින තරග 397 යි. ඉනිම 373 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 13,975 ක්. ලබා ගත් ශතක සංඛ්‍යාව 25 යි. පිතිකරණ සාමාන්‍ය 41.96 ක්.

01. සනත් ජයසූරිය

එක්දින තරග 441 යි. ඉනිම 429 යි. ‍රැස්කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 13,364 ක්. ලබාගෙන ඇති ශතක සංඛ්‍යාව 28 යි. රඳවාගෙන සිටි පිතිකරණ සාමාන්‍ය 32.51 ක්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...