ඉෂාන්ට්ගේ සියවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ‍තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද්හී දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර, එම ක්‍රීඩාංගනය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසයි සැලකෙන්නේ.

අද තරගය සදහා එංගලන්ත කණ්ඩායමෙන් වෙනස්කම් 4ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ජේම්ස් ඇන්ඩර්සන්, ජොෆ්ර ආචර්, ජොනී බෙයාර්ස්ටව් සහ සැක් ක්‍රව්ලි කණ්ඩායමට කැදවා ඇත්තේ රොරී බර්න්ස්, ඩෑන් ලෝරන්ස්, ඔලී ස්ටෝන් සහ මොයීන් අලී වෙනුවටයි.

ඉන්දියාව මෙම තරගය සදහා වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ජස්ප්‍රිට් බුම්රා සහ වොෂින්ටන් සුන්දර් කණ්ඩායමට කැදවා ඇත්තේ මොහොමඩ් සිරාජ් සහ කුල්දීප් යාදෙව් වෙනුවටයි.

මෙම තරගය ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා ක්‍රීඩා කරන සිය වන ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

කණ්ඩායම් දෙක සහ සජීවී ලකුණු සටහන පහතින් –

India XI :

Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Rishabh Pant(w), Washington Sundar, Axar Patel, Ravichandran Ashwin, Ishant Sharma, Jasprit Bumrah

England XI:

Dominic Sibley, Zak Crawley, Jonny Bairstow, Joe Root(c), Ben Stokes, Ollie Pope, Ben Foakes(w), Jofra Archer, Jack Leach, Stuart Broad, James Anderson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...