ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට විසි වෙයි‍

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ශ්‍රී ලංකාවට අද(2) සිදු වුණා.

ඒ, තරගාවලියේ 30 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ බංග්ලාදේශය පරාජයට පත්වීමත් සමගයි.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් බංග්ලාදේශය එම තරගය ජය ගැනීම අනිවාර්යය වී තිබුණා.

එමෙන්ම බංග්ලාදේශය හමුවේ ඔස්ට්‍රේලියාව ද, ශ්‍රී ලංකාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් ද, බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ ඔස්ට්‍රේලියාව ද, එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාව ද ඉදිරියේ දී පරාජයට වුවහොත් පමණයි ශ්‍රී ලංකාවට දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට යම් අවස්ථාවක් උදා කර ගත හැකිව තිබුණේ.

කෙසේ වෙතත්, අද තරගයෙන් බංග්ලාදේශය පරාජය වීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාවට මේ වන විට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...