දැවැන්ත පරාජයක් සමග බංග්ලාදේශය ලෝක කුසලානයෙන් ඉවතට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ දී අඛණ්ඩව ලැබූ සිව්වන පරාජය ද වාර්තා කිරීමට බංග්ලාදේශයට අද(2) සිදු වුණා.

ඒ, තරගාවලියේ 30 වන තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමත් සමගයි.

බංග්ලාදේශය මේ වන විට සුපිරි 12 වටයේ සියලු තරග පරාජයට පත්ව ඇති බැවින් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවසන් බලාපොරොත්තුව ද අද අහිමි වී ගියා.

අබුඩාබිහි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කිරීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් සමත් වූ අතර, බංග්ලාදේශ ඉනිම පන්දුවාර 18.2ක් තුළ සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 84ක් ලෙසයි.

මහෙදි හසාන් ලකුණු 27ක් හා ලිටොන් දාස් ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා අන්රිච් නොකියා කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 13.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

නායක ටෙම්බා බවුමා නොදැවී ලකුණු 31ක් හා රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 22ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...