ශ්‍රී ලංකාවට ඇෆ්ඝනිස්තානයෙන් සැනසුම්දායක පුවතක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(1) ශ්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්ගේ නවතම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ වන විට ඔහුගේ තත්ත්වය සැලකිය යුතු අයුරින් සුව අතට හැරී ඇති බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව කඩිනමින් ඔහු යථා තත්ත්වයට පත් වනු ඇති බව සදහන්.

ශ්‍රී ලංකාව සමග බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ අවසන් පන්දුවාරයේ දී පන්දු රකිමින් සිටියදීයි රෂීඩ් ඛාන්ගේ වම් දණහිසෙහි ආබාධයක් සිදු වුණේ.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම මේ වන විටත් මෙවර ලෝක කුසලානයෙන් ඉවතට විසි වී ඇති අතර, ඔවුන් තරගාවලියේ දී ක්‍රීඩා කරන අවසන් තරගය එළඹෙන සිකුරාදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා බලාපොරොත්තු රදවා ගැනීමට අවශ්‍යනම් එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය ජය ගැනීම හෝ නවසීලන්ත – අයර්ලන්ත තරගයෙන් අයර්ලන්තය ජය ගැනීම අනිවාර්යය වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයේ දී ක්‍රීඩා කරන සිය අවසන් තරගයේ දී එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කිරීම ද අනිවාර්යයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...