නවසීලන්තය පරදා එංගලන්තය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගනිමින් තරගාවලියේ 33 වැනි තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද(1) සමත් වුණා.

බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් ලබා ගනිමින් ලබා දුන් ලකුණු 180 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159 ක් පමණයි.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ග්ලේන් පිලිප්ස් පන්දු 36 කින් ලකුණු 62 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වූයේ නැහැ. හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු ලකුණු 15 දී ලබා දුන් පහසු උඩ පන්දුවක් මොයීන් අලී අතින් ගිලිහී යාම ද කැපී පෙනුණා. කේන් විලියම්සන් ලකුණු 40(40)යි.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා සෑම් කරන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිම වෙනුවෙන් නායක ජොස් බට්ලර් පන්දු 47 කින් ලකුණු 73 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 7 ක් සමගින්. ඇලෙක්ස් හේල්ස් ලකුණු 52(40) යි.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ටිම් සවුති, මිචෙල් සැන්ට්නර් හා ඉෂ් සෝදි කඩුල්ල බැගින් බිද හෙලුවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...