ශෆික්ගෙන් ශතකයක් ; පාකිස්තානය ජයග්‍රහණයට ලකුණු 120 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය  පාකිස්තානය අද (19) නිමා කළේ තරගය ජය ගැනීම සඳහා ලකුණු 120 ක් පමණක් පිටුපසින් රැදී සිටිමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 342 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලකුණු 222 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 112 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 7 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉමාම් උල් හක් ලකුණු 35ක් ලබා සිටියදී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසු වෙමින්.

අනතුරුව අසාර් අලී ලකුණු 6 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා.

නායක බබාර් අසාම් ලකුණු 55කට දවා ගැනීමට ද සමත් වුණේ ප්‍රභාත් ජයසූරිය විසින්.

ඔහු යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි බබාර් අසාම්ට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදුවුණේ.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් ලබා සිටි අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 337 ක් ලෙස සටහන්ව තිබියදී නිමා වුණා. ඒ, ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ප්‍රහාත් ජයසූරිය ලකුණු හතරකට දැවී යාමත් සමගයි.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 94 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක් හා ඕෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් ලබා ගැනීමට ද සමත් වුණා.

පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩුලු 5ක් බිද හෙලූ අතර, යසීර් ශාහ් කඩුලු 3 ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 222 ක්. පිළිතුරු ලෙස පාකිස්ථානය සිය පළමු ඉනිමට ලකුණු 218 ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...