පිලිප්ස්ගේ 69* හා ෆර්ගසන්ගේ කඩුලු 4 නවසීලන්තයට ජය ගෙනෙයි

Date:

අයර්ලන්තය සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

Belfast හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තා.

ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 69 (52) ක් ලබා ගත් අතර, ජේම්ස් නීෂම් ලකුණු 29 (16)යි. මාර්ටින් ගප්ටිල් ලකුණු 24කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 35 කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 18.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

කර්ටිස් කැම්පර් ලකුණු 29ක් හා Mark Adair ලකුණු 25 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් ලකුණු 14කට කඩුලු 4ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...