ශකිබ් PSL හැර යන ලකුණු

Date:

ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ක්‍රීඩා නොකරනු ඇති වාර්තා වනවා.

ඒ වෙනුවට ඔහු ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් අතරමගදී අත්හිටුවීමට සිදු වූ අතර, එහි ඉතිරි තරග ජූනි මස මුලදී ආරම්භ වීමට නියමිතයි.

ඉතිරි තරග වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවක් ද (draft) පසුගියදා පැවැති අතර, එහිදී ශකිබ් අල් හසාන් ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට ලබා ගත්තා.

ඊට අමතරව ලිටොන් දාස් සහ මහ්මුදුල්ලාහ් ද කරච්චි කිංග්ස් සහ මුල්ටාන් සුල්ටාන් යන කණ්ඩායම් සමග ගිවිසුම් අත්සන් කළා.

Mohammedan Sporting Club කණ්ඩායමේ බළධාරීන් විසින් ශකිබ් අල් හසාන්ගේ අත්සනින් යුතු ලිපියක් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති අතර, එහි සදහන් වන්නේ ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශකිබ් අල් හසාන් කැමැත්තෙන් පසු වන බවටයි.

ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් අදියර සදහා ශකිබ් ක්‍රීඩා කළේ නැහැ.

ඒ, ඔහුට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම හේතුවෙන්.

එබැවින් මෙවර තරග වාරයේ දී ශකිබ් අල් හසාන්ට කැමැති කණ්ඩායමක් නියෝජනය කළ හැකියි.

ඒ අනුව Mohammedan ක්‍රීඩා සමාජය ඔහුගේ සේවය ලබා ගැනීම සදහා මේ වට විට උත්සාහ දරමින් සිටින අතර, ඒ සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ද අවසර හිමි විය යුතු බව සදහන්.

මේ අතර, බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ශාරිරික අභ්‍යාසවල නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

මාර්ගයක සිට ඔහු මෙම අභ්‍යාසවල නිරත වන අතර, එම වීඩියෝව වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් ද දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...