වෝනර් 20යි 20 න් ඉවතට

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අවසන් එක්දින ක්‍රිකට් තරගය සහ තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ දෙවැනි එක්දින තරගයේ පන්දු රකිමින් සිටියදී මුහුණ දුන් ආබාධය හේතුවෙන්.

වෝනර් වෙනුවට ඩර්සි ශෝර්ට් ඔස්ට්‍රේලියානු 20යි 20 සංචිතයට නම් කර ඇති බව සදහන්.

මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් ද ඉන්දියාවට එරෙහි ඉදිරි සීමිත පන්දුවාර තරගවලින් විවේක ගැන් වූ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ඔහුව සුදුසු ශාරීරික සහ මානසික යෝග්‍යතාවයකින් පසු කර ගැනීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගෙන තිබෙනවා.

ඩේවිඩ් වෝනර්ගේ ආබාධ තත්ත්වය ද ටෙස්ට් තරගාවලිය වන විට සුව අතට පත්ව තිබෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...