වෝනර් – මාෂ් ප්‍රහාරය කැපිටල්ස් 5 වැනි තැන රදවයි

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවැති මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 58 වැනි තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය තවදුරටත් රැක ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඉනිම නිමා වීමට පන්දු 11ක් ඉතිරිව තිබියදී ලැබූ මෙම ජයත් සමග දිල්ලි කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

ඒ අනුව තෙවැනි හා සිව්වැනි ස්ථානවල පසුවන රාජස්ථාන් රෝයල්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්වලට වඩා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පිටුපසින් පසුවන්නේ ප්‍රසාද ලකුණු 2ක් පමණයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි පිල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 160කට සීමා කිරීමට දිල්ලි පන්දු යවන්නන් සමත් වුණා.

අංක 3 පිතිකරු වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 50(38)ක් ද, දෙව්දත් පඩික්කල් ලකුණු 48(30)ක් ද රැස් කළා. යෂස්වි ජයිස්වාල් ලකුණූ 19කට දැවී ගිය අතර, රසී වැන් ඩර් ඩුසේන් නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා. ජොස් බට්ලර් ලකණු 7ටත්, නායක සංජු සැම්සන් ලකුණු 6කටත්, රියාන් පරාග් ලකුණු 9කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී චේතන් සාකරියා, අන්රිච් නොකියා හා මිචෙල් මාෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැපිටල්ස් ක්‍රීඩකයින් පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ඩේවිඩ් වෝනර්ගේ හා මිචෙල් මාෂ්ගේ සුපිරි පිතිහඹය හේතුවෙන්.

ඉනිමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේ ශ්‍රිකර් භාරත් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් වීමත් සමගයි.

අනතුරුව දෙවැනි කඩුල්ලට පන්දු 101කින් ලකුණු 144ක විශිෂ්ඨ සබදතාවයක් ගොඩ නැගීමට මාෂ් හා වෝනර් සමත් වුණා.

මාෂ් පන්දු 62කින් ලකුණු 89ක් වාර්තා කළා. ඒ, හයේ පහර 7ක් හා හතරේ පහර 5ක් සමගින්. වෝනර් නොදැවී ලකුණු 52(41)යි.

පන්දු යැවීමේ දී බෝල්ට් හා යුස්වේන්ද්‍ර චෙහල් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...